Thursday, August 6, 2009

දිවුරුම් පෙත්සම

සියළුම ජනතාව වෙතයි.

කිසිම ආගමක් විශ්වාස නොකරන අතර කිසිදු ආකාරයක ආගමික කටයුත්තකට සම්බන්ධ නොවන බව මෙයින් දන්වා සිටිමි. මින් ඉදිරියට කිසිදු සිංහල-බෞද්ධ, හින්දු-දෙමළ, මුස්ලිම්, සිංහල හෝ දෙමළ-ක්‍රිස්තියානි ඉතිහාස කතා කවුරු කොහොම දේශනා කලත් විශ්වාස නොකරන බවද මෙයින් දන්වා සිටිමි. ඉතිහාසය කිසිසේත් පිලිනොගනිමි.
ජාතියෙන් ඉවත්වෙමි. විශම ලිංගිකත්වය පමනක් නීතියානු කූල වීමත් පිලිබද මාගේ විරෝදය පලකර සිටිමි.

‘වචන‘ වලට නිෂ්චිත එක් තේරුමක් පමනක් ඇතැයි යන්න පිළිනොගනිමි. ශබ්දකෝෂවලට මගේ විරෝදය ප්‍රකාෂකර සිටිමි.

කුනුහරුප යනු තමන් (එම ප්‍රකාෂකයා) කොතරම් දුරට ඒ පිළිබද ආශාවෙන් සිටීද යන්න පිලිබද කෙරෙන ප්‍රකාෂයක් බැවින් කුනුහරුප භාෂාවේම වඩාත් භාවිතාවන අතයවශ්ය අංගයක් ලෙස සලකා කටයුතු කරමි.

ලිංගික කරුනු ඇතුලත් සියළු කටයුතු තහනම් කිරීම පිළිබදව මගේ පක්ශපාතීත්වය ප්‍රකාෂකර සිටිමි. (හේතුව තහනම කඩ කිරීම මගින් ලැබෙන සතුට වැඩිවෙන හෙයිනි. එනම් සතුට ලැබෙන්නේ තහනම මගිනි. බස් රථ වලින් මගීන් ප්‍රවාහනය කරන තාක්කල් ලිංගික කටයුතු තහනම් කල නොහැක)

සියළුම භාෂාවන් ලිංගික හෙයින් භාෂාව ලිංගික කටයුත්තක් ලෙස පිළිගනිමි.

බැනීම මගින් විරෝදය ප්‍රකාෂ කිරීමක් මිස නිවැරදි කිරීමක් සිදු නොවන බැවින් රට ජාතිය ගොඩ නැගීමේ අදහසක් මාවෙත නොමැති බව දන්වා සිටිමි. (තොපිට බැනල රට හදන්න මට ඕන නෑ. අනේ තොපේ රට තොපිම තියාගනිව්..)


ගන්දබ්බ

No comments:

Post a Comment

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters