Sunday, August 9, 2009

හෙජමොනික දේශපාලනයෙන් ඉල්ලා අස්වීමයි.

සියළුම දේශපාලන නායක තුමන්ලා වෙතයි.

හෙජමොනික දේශපාලනයෙන් ඉල්ලා අස්වීමයි.

මගේ මුළු ජීවිත කාලය තුලම ඔබ තුමන්ලාගේ දේශපාලන පම්පෝරි අසා සිටි මට දැන් දැන් නුඹලා සියළු දෙනා දකින විට තද බල අප්පිරියාවක් ඇතිවේ. හෙළ උරුමයේ නායක තුමා ඇතුළු සිවුරු කාරයින් ගොන් පාට් බණ කියන විට ඇත්තට වමනයට එන හෙයින් මෙහෙම රටක ඉපදීම කරුමයක් බව සිතේ. නුඹලාගේ මුහුණ TV කෙන්පෙන්වන විට අපි TV වසා දමමු. අපට නුඹලා දැකීම දැන් නම් ජීවත්වීම තිත්ත කරවන දැකීමකි. විමල් ගොයියා අප්පිරියා සහගතය. විමල් ගොයියාට ජීවත්වීමට රස්සාවක් සෑදීමට ජේ වී පී බූරු හැත්ත 30000 ජීවිත පරිත්තයාග කලේ මොන මගුලකටද කියල හිතෙනවාය. ඌ කොතරම් දීන කැත පාහරයෙක් ද ? කියලා සිතෙන හෙයින්ද,
තොපේ මූණු තියෙන පත්තර පඩංගු අප්පිරියා සහගතය. තොපේ කටහඩ ඇහෙන රේඩියෝ සදාකාලිකවම පිලිකුල්ය. තොපි ගැන කියවෙන කිසිවකට අපි ඇහුන් කන් නොදෙමු.

තොපි හෙජමොනික වී ඇත්තේ නුඹලාට හෙයින් අපි නුඹලාගෙන් ඈත්ව සිටිමු. ලංකාවේ කාලකන්නි ජනතාවගේ නියම නියෝජනය නුඹලා වනහෙයින් කොතරම් ජනතාවක් දුකට පත් වුවද අප කනගාටු නොවෙමු. කොතරම් මිනී මැරුවත්, කොතරම් දූෂණ වංචා කරත්, කොපමන ණය වුවත්, කොපමන දරුවන් ගනනක් දූෂනය වුවත්, නිලධාරී හැත්ත කොපමන හොරකම් කලත් අපට ප්‍රශ්නයක් නැත. ඒවා තොපි නිසාම සිදුවන ඒවාය. තරුණයින් 30000 ජීවිත පරිත්තයාග කල එක තොපිට එක රැයකින් පාවාදෙන්න පුළුවන්නම් අනෙක් කරුණු කොතරම් පුංචිද?

එනිසා අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම කිසිදු හෙජමොනික දේශපාලකයෙකුට ඇහුම් කන් නොදෙමි.

“අපේ චූන් අපටම චූන්“ තණ කන ජනතාවක් ඉන්න, අනේ තොපේ රටයි තොපේ ආදරනීය (කාලකන්නි) ජනතාවයි ...

මෙයට
වාමනයා

No comments:

Post a Comment

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters