Monday, July 20, 2009

“ජනතාව“ වෙතින් ඉල්ලා අස්වීමයි.

සියළුම ජනතාවවෙතයි.

“ජනතාව“ වෙතින් ඉල්ලා අස්වීමයි.

“ජනතාව“ නමින් හඳුන්වන නුඹලා සෑමදාම රැවටෙන හෙයින්ද, මාක්ස්වාදීන්ද, ධනවාදීන්ද, බෞද්ධ භික්ෂූ න්ද, ජාතිවාදීන්ද, ඕනෑම වර්ගයක දේශපාලකයින්ද, විදේශිකයින්ද නුඹලා රවටන විට රැවටෙන හෙයින්ද, “ජනතාව“ වන නුඹලා සැමදාම මෝඩ රැලක් ලෙස සලකා කටයුතු කරන වෙලෙන්දන් තම පචාරක කටයුතු කරත්දීත් එම පචාරන වලට රැයක් දවාලක් නැතිව රැවටෙන හෙයින්ද, ඕනෑම ගැහැනියෙක් හෝ කාන්තාවක් “බඩුවක්‘ලෙස සලකා මිනිස් හැගීම් කිසිවක් නැති තිරිසනුන් ලෙස හැසිරෙන හෙයින්ද, කිසිම හිරිකිතයක් නැතිව කුඩා දරැවන්ට පවා ලිංගික අතවර කරන හෙයින්ද,
උදේ සිට රෑවන තුරු මුදල්ම පමනක් සොයන මුදල් මත්තේම මැරෙන අමන පිරිසක්ලෙස හැසිරෙන බැවින්ද,
ඕනෑම රජයක් කියනා ඕනෑම ගොන් වැඩක් නොපැකිලව ඉටු කිරීමට සූදානම් හෙයින්ද, රට ජාතිය ආගම ආරක්ෂා කිරීම සද හා ඕනෑම බූරු වැඩක් කරනා හෙයින්ද, එසේම එමගින් මුළු සනුහුරේම නැති බංග කරනා හෙයින්ද,
මගේ චූන් මටම චූන් ලෙස සලකා කටයුතු කරනා හෙයින්ද,

මම “ජනතාවගෙන්“ ඉල්ලා අස්වෙමි.

එනිසා අද දින සිට මා ජනතාව ඝනයේ ලා නොසකන ලෙසත්, මා වෙත ඔබලාගේ ජාතිකත්වය බලය යොදා නොපටවන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි

මෙයට

මානව

No comments:

Post a Comment

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters