Thursday, August 13, 2009

ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

ඡන්ද දායකයින් වෙතටයි.

ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.

එක් එක් පක්ෂ වලින් තෝරාදෙන අපේක්ෂක තක්කඩින්ට පමනක් ඡන්දය දීමට අපට සිදුවී ඇති හෙයින්ද, අපට ඕන මිනිහෙකුට පක්ෂ වලින් තොරව ඡන්දය දීමට අපට බැරි හෙයින්ද, තොරා ගන්නා තක්කඩින් ගෙම්බන් මෙන් සෑම පක්ෂයකටම පනින හෙයින්ද, උන් ගැන ඔබලාට කිසිවක් කළ නොහැකි වන හෙයින්ද, ඔබ තුමාලා ඡන්දයට පමනක් දායකයින් කර ඇති හෙයින්ද, එසේම අප ලබාදෙන ඡන්දය උන් පක්ෂය වෙනස් කල හොත් ඉල්ලා අස් කර ගැනීමට නොහැකි වන හෙයින්ද, ඡන්දය ලබාදීම සදහා මට අඩුම තරමින් කිසිදු කොන්දේසියක් ඉදිරි පත් කිරීමට නොහැකි වන හෙයින්ද,

ලබාදෙන ඡන්දය සම්බන්ධයෙන් අපේක්ෂකයින් කෙසේ වෙතත් නීතියෙන්වත් වගකීමක් නොදරන හෙයින්ද, පාර්ලිමේන්තුවේ මේ දක්වා කථාවක්වත් පැවැත්වීමට නොහැකි තරම් නූගත් මැට්ටන් සදහාද ඡන්දය දීමට අපට සිදුවන හෙයින්ද,

ඡන්දය දෙන මෝඩයින් වන අපෙන් සෑම දෙයකටම මුදල් අය කිරීම, දඩ ගැසීම, බදු අය කිරීම ගැන කිසිදු ගැටළුවක් නොවන මේ රටේ අපගේ ඡන්දය නොමිලේම ඉල්ලීම යුක්ති සහගත නොවන හෙයින්ද,

පක්ෂය දෙස නොබලා පක්ෂ කීපයක අපට අවශ්ය පුද්ගලයින්ට ඡන්දය දීමට නොහැකි හෙයින්ද,

අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම ඡන්ද දායකත්වයෙන් ඉල්ලා අස්වෙමි. එනිසා මගේ ඡන්දය ඉල්ලා සිටීමෙන් වලකින ලෙසත්, ඒ සදහා ප්‍රචාරන කටයුතු කිරීම මගින් මා පෙළඔවීමට තැත් කිරීමෙනුත් වලකින ලෙසත් මෙයින් දන්වා සිටිමි.

“අවුරුදු 60 ක් ගත වෙලත් තාමත් ලැජ්ජ නැතිව ඡන්දය දෙන ජාතියක් ඉන්න අනේ තොපේ රට“.

මෙයට
ඡන්දන

2 comments:

  1. මමත් ඕකෙන් ඉල්ලා අස්වෙලා ගොඩාක් කල්..........

    ReplyDelete
  2. මොනවා කලත් වැඩක් නෑ. කතිරෙට ම ගිය රට...,

    ReplyDelete

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters