Monday, July 27, 2009

“රසිකත්වයෙන්“ ඉල්ලා අස්වීමයි.

සියළුම “සිල්ලර කලා වෙලෙන්දන්“ වෙතයි.

“රසිකත්වයෙන්“ ඉල්ලා අස්වීමයි.

ලංකාවේ සමහර චිත්‍රපට කරුවන් තම විදේශීය සංචාර වලදී ඇවිදින තැන් පටිගතකරගෙන පැමින චිත්‍රපටලෙස පෙන්වන බැවින්ද, නිශ්පාදකගේ ආච්චි, බාප්පා, දුව, නැන්දා, පුංචි අම්මා ආදී පවුලේ උදවිය නලු නිලියන් ලෙස යොදා ගන්නා හෙයින්ද, කොහොම හරි මොකක් හරි පෙන්නලා කීයක් හරි රසිකයින්ගෙන් කඩා ගැනීම හැර කිසිම දර්ශනයක් හෝ අඩුම තරමේ දේශපාලන අදහසක් වත් වෙනුවෙන් පෙනී නොසිටින බැවින්ද, මේ ලෝකෙ රහක් නැති ගොන්පාට් නලුවන් මාරපොරවල් ලෙස පෙන්වන කසිප්පු බොන විකාර විචාරකයින් සිටිනා බැවින්ද, ප්‍රධාන නලුවා ගේ සිට සියළුම බුවාලා තඩි බඩවල් තියෙන වයස 40 ට වැඩි එවුන් කොල්ලන්කෙල්ලන් ලෙස පෙන්නන අධයක්ෂකලා “රසිකයා“ගොනාට ඇන්දවීමට උත්සාහ කරන බැවින්ද, නලුවන් හා නිලියන් තමන් කෙහොම රඟපෑවත් රසිකයින් මෝඩයන් ලෙස බලාවි යැයි සිතන හෙයින්ද, මොංගල් මූනු සහිත මෝඩ ඔලු ඇති නලුවන් තමන් දේශපාලනයට සුදුසුයැයි සිතනා බැවින්ද, එසේම

කිසිම අර්ථයකින්දේශිය සිනමා අදහසක්වත් ගොඩ නැගිමට අපොහොසත් වී ඇති හෙයින්ද,

මම සිංහල චිත්‍රපට හා ටෙලි නාට්ය්ය රසිකත්වයෙන් ඉල්ලා අස්වෙමි.

එසේම මගේ ජීවිත කාලය තුල මින් ඉදිරියට කිසිදු සිංහල චිත්‍රපටයක් හෝ ටෙලි නාට්ය්යක් නරඹන්නේ නැති බවටද මෙහිලා සපථ කර සිටිමි.

එනිසා අද දින සිට මා රසික ඝනයේ ලා නොසකන ලෙස, කලාකරුවන් යැයි තමන්ම හදුන්වා ගන්නා සියළුම “සිල්ලර කලා වෙලෙන්දන්“ ගෙන් මෙයින් ඉල්ලා සිටිමි.

මෙයට
අවරසිකයා

1 comment:

  1. මාර ප්‍රතිපත්ති තියන එළ පොරක්නේ

    ReplyDelete

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters