Monday, July 27, 2009

“පවුල් සංස්ථාවෙන්“ ඉල්ලා අස්වීමයි.

පවුල හෙවත් පවුල් සංස්ථාව සියළුම වෙළෙන්දන්ගේ ආයෝජන ස්ථානය වී ඇති බැවින්ද, දේශපාලනයේ තෝතැන්න වී ඇති හෙයින්ද, රජයේ පරිපාලන බලයට හසුවන කුඩාම දිස්ත්‍රික් ඒකකය වන හෙයින්ද, භූමිය කොටස් කිරීමේ මිනුම් ඒකකය වන නිසාද, නීතියේ බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන මානසික බන්ධනය වන හෙයින්ද, ප්‍රාග්ධනය සමුච්චනය සදහා මිනිසුන් ගාල් කරනා හිරගෙය වන හෙයින්ද,

ගැමියන්ගේ වෛරය පිටකිරීම සදහා සහ මැරීමට භාවිතා කළහැකි කුඩා දරුවන් රැස්වන ස්ථානය වන හෙයින්ද, නාගරික පිරිමින්ට ලිංගික මධ්යස්ථානය වන හෙයින්ද, වෙළද ප්‍රචාරනයේ ප්‍රධානම ඉලක්කය වන හෙයින්ද, ශුකානු ලබාදීම හැර ලමයෙකු නිශ්පාදනය කිරීමේ හැකියාව නැති පිරිමි සතුන් ගෘහ මූලිකයන් වන හෙයින්ද, නිවාස තැනීමේදී සිවිල් ඉංජිනේරු ශිල්පයේ දර්ශනය පදනම් වී ඇති ඒකකය වනසේම අවි ආයුධ තැනීමේ දර්ශනය ද පදනම් වී ඇති හෙයින්ද,

පවුල තුලදී ශාරීරික බලවතා කුඩා ලමයින් මත අධිකාරී බලය පටවන හෙයින්ද, පවුල යනු කාන්තාවන් රෙදි සේදීමේ, ආහාර පිසීමේ හා දරුවන් හැදීමේ මෙහෙකාර සේවයේ යොදවන විවෘත වධකාගාරයක් වන හෙයින්ද, සියලුම දර්ශන, ඉගැන්නුම්, ගුරුකුළ හා ආගම් වල මුළු පදනම ම පවුල් සංස්ථාව මත පදනම් වී ඇති හෙයින්ද, තම පවුල පමනක් ලෝකයේ තිබුනහොත් ඇතැයි සිතන ගෘහ මූලිකයන් ලෝකයේ පරිපාලනය අත්පත් කරගෙන සිටිනා බැවින්ද,

මම පවුල් සංස්ථාවෙන් ඉල්ලා අස්වෙමි. වෙළද ප්‍රචාරණයේ යෙදෙන සියල්ලන් ගෙන්ම මා පවුලක සාමාජියෙකු ලෙස සලකා කටයුතු නොකරන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.


මෙයට
ගෘහ මූලික බලපෑමට යටත් නොවන්නා.

1 comment:

  1. "නිවාස තැනීමේදී සිවිල් ඉංජිනේරු ශිල්පයේ දර්ශනය පදනම් වී ඇති ඒකකය වනසේම අවි ආයුධ තැනීමේ දර්ශනය ද පදනම් වී ඇති හෙයින්"

    ??? පැහැදිලි කරන්න.

    කියවද්දි ඇස් වලට ටිකක් අමාරුයි. පුලුවන්නම් theme එක වෙනස් කරන්න.

    ReplyDelete

Where am I?

whos.amung.us

Human Rights Now Blog

Powered By Blogger

Don't Follow me..................

Digital Time and Date

free counters